E   |     |  

 දිනය: 2020-12-10   පිළිතුර ලබා දී ඇත 

0262/ 2020 - ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 262/2020 ගරු බුද්ධික පතිරණ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) බුද්ධ ධර්මය ප‍්‍රායෝගික විෂයයක් බවත්; (ii) එය විභාග ඉලක්කගත විෂයයක් වශයෙන් මේ වනවිට පාසල් හා දහම් පාසල් තුළ ඉගැන්වීම් කටයුතු කරන බවත්; (iii) නමුත්, ඉහත ක්‍රමවේදයන් තුළින් බුද්ධ දර්ශනය ඇසුරින් ජීවිතයට ලබාගත හැකි විනය, හික්මීම ඇතුළු යහපත් මානුෂීය ගුණධර්ම ප‍්‍රමාණවත් පරිදි සමාජගත නොවන බවත්; එතුමා පිළිගන්නෙහිද? (ආ) (i) බුද්ධ දර්ශනයේ ප‍්‍රායෝගික භාවිතයන් ඉගැන්වීමට අවශ්‍ය පියවර ගන්නේද; (ii) එසේ නම්, එම පියවර ගනු ලබන ආකාරය කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-12-10

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

පාසල් සහ දහම් පාසල්: බුද්ධ ධර්මයේ ප්‍රායෝගික ඉගැන්වීම

පිළිතුරු දුන් දිනය

2020-12-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු විදුර වික්‍රමනායක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks