පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
264/2020
ගරු බුද්ධික පතිරණ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2008 අංක 31 දරන වෘත්තීය තාක්‍ෂණ විශ්වවිද්‍යාල පනත අනුව විශ්වවිද්‍යාල විද්‍යායතන, උපාධි පිරිනමන ආයතන බවට පිළිගෙන ඇති බවත්;
(ii) එහෙත් දැනට මෙම ආයතන විසින් උපාධිය වෙනුවට උසස් ඩිප්ලෝමාවක් පමණක් ලබාදෙන වසර තුනක පාඨමාලා පවත්වන බවත්;
(iii) උපාධි පාඨමාලා පැවැත්වීම සඳහා අවශ්‍ය දේශන ශාලා, පුස්තකාල, කථිකාචාර්යවරුන් හා වෙනත් පහසුකම් මෙම ආයතනවල නොමැති බවත්;
(iv) මේ හේතුවෙන් අධ්‍යාපන කටයුතු සිදුකර අවසන් වූ හා දැනට අධ්‍යාපන කටයුතුවල නිරත වන සිසුන්ගේ අනාගතය අවිනිශ්චිත වී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ඉහත ගැටලු කඩිනමින් විසඳීමට කටයුතු කරන්නේද;
(ii) එසේ නම්, ඒ සඳහා වැය කිරීමට අපේක්‍ෂිත මුදල කොපමණද;
(iii) එම ගැටලු විසඳීමට අපේක්ෂිත කාල වකවානු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2021-01-08
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
විශ්වවිද්‍යාල විද්‍යායතන: පහසුකම් සැපයීම
පිළිතුරු දුන් දිනය
2021-01-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු සීතා අරඹේපොල, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks