E   |     |  

 දිනය: 2020-10-06   පිළිතුර ලබා දී ඇත 

0304/ 2020 - ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මෙනවිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 304/2020

      ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මහත්මිය,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       2020 වර්ෂය තුළ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට වාර්තා වූ ළමා අපයෝජන පැමිණිලි සංඛ්‍යාව; 

                   (ii)       ඒ අතරින් පරීක්ෂණ අවසන් කර ඇති පැමිණිලි සංඛ්‍යාව;

                  (iii)       පරීක්ෂණ අවසන් කළ පැමිණිලි අතරින් චෝදනා ගොනු කළ පැමිණිලි සංඛ්‍යාව;

      (iv) පැමිණිල්ලක් ලැබී, පරීක්ෂණයක් සිදු කර, චෝදනා ගොනු කිරීමට හෝ පැමිණිල්ල නිෂ්ප්‍රභ කිරීමට සාමාන්‍යයෙන් ගත වන කාලය;

      (v) පරීක්ෂණ කටයුතු කඩිනම් කිරීමට අධිකාරිය ගෙන ඇති ක්‍රියාමාර්ග;

      කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) මෙම පැමිණිලිවලට සම්බන්ධ ළමා වින්දිතයන් අතරින් —

      (i) සිය පවුල් ඒකකය සමඟ සිටින සංඛ්‍යාව;

      (ii) පවුල් ඒකකයෙන් ඉවත් කර ඇති සංඛ්‍යාව;

      (iii) එසේ ඉවත් කිරීමෙන් පසුව ඔවුන්ව රඳවා තබන ස්ථාන;

      (iv) තම අධ්‍යාපන කටයුතුවල (විධිමත් හා/හෝ අවිධිමත්) පෙර පරිදි අඛණ්ඩව නිරත වන සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස;

      (v) නිසි පුහුණුව ලත් පුද්ගලයන් විසින් මනෝවිද්‍යාත්මක, සාමාජීය සහය ලබා දී ඇති ළමුන් සංඛ්‍යාව;

      කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) පැමිණිලිවලට සම්බන්ධ ළමා වින්දිතයන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද යන්න වැඩිදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2020-10-06

අසන ලද්දේ

ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මෙනවිය, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ළමා අපයෝජන පැමිණිලි: විස්තර

පිළිතුරු දුන් දිනය

2020-10-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජී. එල්. පීරිස්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks