E   |     |  

 දිනය: 2020-11-05   පිළිතුර ලබා දී ඇත 

0430/ 2020 - ගරු ශාන්ත බණ්ඩාර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 430/2020 ගරු ශාන්ත බණ්ඩාර මහතා,— වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) ශ්‍රී ලංකාවේ වයඹ පළාත තුළ දැදුරු ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති බව එතුමා පිළිගන්නෙහිද? (ආ) (i) එම ව්‍යාපෘතිය සඳහා වැය කළ/කරන මුදල කවරේද; (ii) ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයාගත් ප්‍රභවයන් කවරේද; (iii) ව්‍යාපෘතිය සඳහා ඉඩම් පරිත්‍යාග කළ පවුල් සංඛ්‍යාව කවරේද; (iv) එම පවුල් සඳහා ප්‍රමාණවත් වන්දි මුදලක් ගෙවීමට කටයුතු කළේද; (v) එම පවුල් සඳහා වන්දි ගෙවීම වෙනුවෙන් වැයකර තිබෙන මුදල කවරේද; (vi) මේ වනතෙක් වන්දි ගෙවා නොමැති පවුල් සඳහා වන්දි ගෙවීමට පියවර ගන්නේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-11-05

අසන ලද්දේ

ගරු ශාන්ත බණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

දැදුරු ඔය ව්‍යාපෘතියට පරිත්‍යාග කළ ඉඩම්: වන්දි

පිළිතුරු දුන් දිනය

2020-12-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අනුරාධ ජයරත්න, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks