E   |     |  

 දිනය: 2020-11-06   පිළිතුර ලබා දී ඇත 

0521/ 2020 - ගරු මුජිබුර් රහුමාන් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 521/2020 ගරු මුජිබුර් රහුමාන් මහතා,— මහජන ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) සහකාර පොලිස් අධිකාරී තනතුරේ පුරප්පාඩු පිරවීමට අයදුම්පත් කැඳවූයේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) (i) සම්මුඛ පරීක්ෂණය සඳහා නිලධාරින් කැඳවූයේද; (ii) එම සම්මුඛ පරීක්ෂණයේදී ලකුණු ලබාදීමේ ක්‍රම‍වේදය කවරේද; (iii) සම්මුඛ පරීක්ෂණය කැඳවා තිබූ කාලය තුළ ලකුණු ලබාදීමේ ක්‍රමවේදය සංශෝධනය කළේද; (iv) එසේ ක්‍රමවේදය සංශෝධනය කිරිම යෝග්‍යද; (v) එම ක්‍රමවේදය සංශෝධනය කිරීම පිළිබඳව අයදුම්කරුවන් දැනුම්වත් කළේද; යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) (i) ඉහත සම්මුඛ පරීක්ෂණය පැවැත්වීමට කටයුතු කරන අතරතුර අයදුම් කළ නිලධාරින්ගේ ජ්‍යෙෂ්ඨතා ලේඛනය පෙරදාතම් කරනු ලැබුවේද; (ii) එසේ නම්, එම නිලධාරින්ගේ නම් කවරේද; (iii) එසේ පෙරදාතම් කිරීමේ පදනම කවරේද; (iv) අනතුරුව, කිසිදු දැනුම්දීමකින් හා හේතු දැක්වීමකින් තොරව සම්මුඛ පරීක්ෂණය කල් දැමුවේද; (v) මේ වනවිට සම්මුඛ පරීක්ෂණයේ තත්ත්වය කවරේද; (vi) සම්මුඛ පරීක්ෂණය ඉදිරියේදී පවත්වන්නේද; (vii) එසේ නම්, එම දිනය කවරේද; තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඈ) (i) සහකාර පොලිස් අධිකාරි තනතුරේ රාජකාරි ආවරණය කිරීමට ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලයේ නිලධාරින් යෙදවූයේද; (ii) එසේ නම්, එම රාජකාරි කවරේද? යන්නත් වැඩිදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඉ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-11-06

අසන ලද්දේ

ගරු මුජිබුර් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහජන ආරක්ෂක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

සහකාර පොලිස් අධිකාරි තනතුර: සම්මුඛ පරීක්ෂණ

පිළිතුරු දුන් දිනය

2020-12-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සරත් වීරසේකර, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks