බලන්න

E   |     |  

 දිනය: 2021-01-08   පිළිතුර ලබා දී ඇත 

0609/ 2021 - ගරු දිලිප් වෙදආරච්චි මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 609/2020

      ගරු දිලිප් වෙදආරච්චි මහතා,— අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)      (i)         1818 සහ 1819 වර්ෂවලදී සිදු වූ ඌව-වෙල්ලස්ස සටනට හම්බන්තොට              ප්‍රදේශයෙන් නායකත්වය දුන් විරුවන් පිළිබඳ තොරතුරු, ජාතික              ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ නොමැති වීම සම්බන්ධයෙන් ඔබ              අමාත්‍යාංශයේ නිලධාරියෙකු විසින් සිදු කරනු ලබන පර්යේෂණයේ ප්‍රගතිය කවරේද;

      (ii) එම විරුවන් රාජද්‍රෝහීන් ලෙස නම් කර ඇති බවට තොරතුරු ලැබී තිබේද;

        යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) එම විරුවන්, ජාතික වීරවරයන් ලෙස නම් කිරීම සුදුසු බවට හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරයා විසින් යෝජනා කර ඇති බව එවකට ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විසින් අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (නීති) වෙත යොමු කළ 2020.01.14 දිනැති ලිපියේ සඳහන් වන බව දන්නේද;

      (ii) එසේ නම්, ඒ සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග  කවරේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2021-01-08

අසන ලද්දේ

ගරු දිලිප් වෙදආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධිකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ඌව-වෙල්ලස්ස සටනේ හම්බන්තොට විරුවන්: තොරතුරු

පිළිතුරු දුන් දිනය

2021-03-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජනාධිපති නීතිඥ එම්. යූ. එම්. අලි සබ්රි, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks