E   |     |  

 දිනය: 2020-11-19   පිළිතුර ලබා දී ඇත 

0711/ 2020 - ගරු බී. වයි. ජී. රත්නසේකර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 711/2020 ගරු බී. වයි. ජී. රත්නසේකර මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) ශ්‍රී ලංකාවේ මේ වනවිට ක්‍රියාත්මක වන පෙර පාසල් සංඛ්‍යාව කොපමණද; (ii) මේ වනවිට වැසී ගොස් තිබෙන පෙර පාසල් සංඛ්‍යාව ‍කොපමණද; (iii) පෙර පාසල්වල පහසුකම් වැඩි කිරීම සඳහා රජය විසින් ගැනීමට අපේක්ෂිත ක්‍රියාමාර්ග කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) (i) පෙර පාසල් ගුරුවරුන් සඳහා වැටුප් හෝ දීමනා ගෙවීමේ විධිමත් ක්‍රමවේදයක් තිබේද; (ii) පෙර පාසල් ගුරුවරුන් ශ්‍රී ලංකා ගුරු සේවයට හෝ ඒ හා සමාන වෙනත් ඒකාබද්ධ සේවයකට අන්තර්ග්‍රහණය කර ගැනීමේ වැඩපිළිවෙළක් තිබේද; (iii) පෙර පාසල් ගුරුවරුන්ගේ බඳවා ගැනීම් හා ඔවුන්ගේ සුදුසුකම් තීරණය කිරීම ආදිය සම්බන්ධයෙන් යම් නියාමන ක්‍රමවේදයක් තිබේද; (iv) පෙර පාසල්වල අධ්‍යාපනය ලබන දරුවන්ගෙන් අය කරනු ලබන ගාස්තු නියාමනය කිරීමේ ක්‍රමවේදයක් තිබේද; යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) පෙර පාසල්වල අධ්‍යාපනය විධිමත් කිරීම සඳහා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත නව යෝජනා කවරේද යන්න වැඩිදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-11-19

අසන ලද්දේ

ගරු බී. වයි. ජී. රත්නසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks