E   |     |  

 දිනය: 2021-01-08   පිළිතුර ලබා දී ඇත 

0731/ 2021 - ගරු කේ. පී. එස්. කුමාරසිරි මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 731/2020

      ගරු කේ.පී.එස්. කුමාරසිරි මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමියගෙන් ඇසීමට,—

      (අ)         (i)      ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වන ඩෙංගු උවදුර මර්දනයට රජය විසින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන බවත්;

                   (ii)      අනුරාධපුරය හා පොළොන්නරුව වැනි දිස්ත්‍රික්කවල පවතින වියළි කාලගුණය අවසන්ව නැවත වැසි ලැබීමත් සමග මදුරු ගහනය වර්ධනය වන බවත්;

      එතුමිය දන්නෙහිද?

      (ආ) (i) ශ්‍රී ලංකාවේ මේ වනතෙක් ඩෙංගු රෝගයට ගොදුරුවූවන්ගේ සංඛ්‍යාව කොපමණද;

      (ii) ඩෙංගු උවදුර මර්දනයට රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

      යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) ඩෙංගු මදුරු කීටයන් විනාශ කිරීමට 2008/2009 වකවානුවේදී එවකට පැවති රජය විසින් B.T.I. බැක්ටීරියාව කියුබාවෙන් ආනයනය කිරීමට විවිධ උත්සාහයන් ගත් නමුත් එය අසාර්ථක වූ බවත් එතුමිය දන්නෙහිද?

      (ඈ) (i) ශ්‍රී ලංකාවේ ඩෙංගු මදුරුවන් මර්දනය කිරීම සඳහා B.T.I. බැක්ටීරියාව භාවිතා කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් පර්යේෂණයක් සිදු කර තිබේද;

      (ii) ශ්‍රී ලංකාවේ ඩෙංගු මදුරුවන් මර්දනය කිරීම සඳහා B.T.I. බැක්ටීරියාව භාවිතා කිරීමට හැකියාවක් නොමැති නම්, එයට හේතු කවරේද;

      (iii) B.T.I. බැක්ටීරියාව වෙනුවට ඩෙංගු මදුරුවන් මර්දනයට භාවිතා කළ හැකි විකල්පය කවරේද;

      යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඉ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2021-01-08

අසන ලද්දේ

ගරු කේ. පී. එස්. කුමාරසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ඩෙංගු මදුරුවන් මර්දනය: BTI බැක්ටීරියා භාවිතය

පිළිතුරු දුන් දිනය

2021-11-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks