E   |     |  

 දිනය: 2020-12-10   පිළිතුර ලබා දී ඇත 

0760/ 2020 - ගරු වඩිවේල් සුරේෂ් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 760/2020 ගරු  වඩිවේල් සුරේෂ් මහතා,— මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) බදුල්ල සිට මහනුවර දක්වා දිවෙන දැනට පවතින මාර්ගයට විකල්පයක් ලෙස කි.මි. 20 - 30 ක අඩු දුරකින් යුත් බදුල්ල සිට මහනුවර දක්වා නව මහාමාර්ගයක් ඉඳිකිරීම යන මැයෙන් එවකට මහාමාර්ග අමාත්‍යතුමා විසින් 2004.10.29 දිනැති අංක 2004/10 දරන අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කළ බව එතුමා දන්නෙහිද? (ආ) (i) එම මාර්ගය අදියර දෙකක් යටතේ ඉඳිකිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය මගින් අනුමැතිය ලබා දී තිබේද; (ii) මේ වනවිට එම මාර්ගයේ වැඩ අවසන් කර ඇති දුර ප්‍රමාණය කොපමණද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) දැනට එම මාර්ගයේ වැඩ කටයුතු නවතා ඇති බව එතුමා දන්නෙහිද? (ඈ) (i) එවකට සංවර්ධන සංග්‍රාමය යටතේ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස හඳුනාගෙන තිබූ මෙම මාර්ගයේ වැඩ කටයුතු මේ වනතෙක් අවසන් කර නොතිබීම සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද; (ii) විශේෂ ව්‍යාපෘතියක් යටතේ හෝ මාර්ගයේ වැඩ කටයුතු අවසන් කර ජනතාවට මාර්ග පහසුකම් සැලසීමට ගනු ලබන පියවර කවරේද; යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඉ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-12-10

අසන ලද්දේ

ගරු වඩිවේල් සුරේෂ් මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

බදුල්ල-මහනුවර විකල්ප මාර්ගය: වැඩ අවසන් කිරීම

පිළිතුරු දුන් දිනය

2020-12-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks