බලන්න

E   |     |  

 දිනය: 2021-01-07   පිළිතුර ලබා දී ඇත 

0879/ 2021 - ගරු (ආචාර්ය) සුරේන් රාඝවන් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 879/2020

      ගරු (ආචාර්ය) සුරේන් රාඝවන් මහතා,— අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      ශ්‍රී ලංකාව තුළ දේශපාලන සිරකරුවන් සිටින්නේ නම්, එම සංඛ්‍යාව කොපමණද;

                   (ii)      එම සංඛ්‍යාව ජාතීන් අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

                 (iii)      ඒ අතරින් වැඩිම කාලයක් සිරගතකර සිටින සිරකරුවාගේ නම කවරේද;

      (iv) එම සිරකරුවා සිරගතකර මේ වනවිට ගත වී ඇති කාලය කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධ සිරකරුවන් සිටින්නේ නම්, එම සංඛ්‍යාව කොපමණද;

      (ii) එම සංඛ්‍යාව ජාතීන් අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iii) ඒ අතරින් වැඩිම කාලයක් සිරගතකර සිටින සිරකරුවාගේ නම කවරේද;

      (iv) එම සිරකරුවා සිරගතකර මේ වනවිට ගත වී ඇති කාලය කොපමණද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) (i) ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධ සැකකරුවන්ගේ නඩුවලට අදාළ කටයුතු කඩිනම්කර ඔවුන්ට යුක්තිය ඉටු කිරීමට පියවර ගන්නේද;

      (ii) ත්‍රස්තවාදී කටයුතු සඳහා බලහත්කාරයෙන් බඳවා ගත් ළමුන් පුනරුත්ථාපනය කර නැවත සමාජ ගත කරන්නේද;

      යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2021-01-07

අසන ලද්දේ

ගරු (ආචාර්ය) සුරේන් රාඝවන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධිකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

දේශපාලන සහ ත්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධ සිරකරුවන්: විස්තර

පිළිතුරු දුන් දිනය

2021-01-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජනාධිපති නීතිඥ එම්. යූ. එම්. අලි සබ්රි, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks