පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1631/’11
ගරු රාජීව විජේසිංහ මහතා,— අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) ගෘහස්ත ප්රචණ්ඩත්වය වැළැක්වීම් පනත යටතේ,
(i) යම් කිසි ඉල්ලීමක් මත එම ඉල්ලීම පිළිබඳ විමර්ශනය අවසන් වන තෙක් අධිකරණය විසින් අතුරු ආරක්ෂණ නියෝගයක් නිකුත් කළ යුතු බවත්;
(ii) ඉල්ලීම ඉදිරිපත් කළ දින සිට දින 14ක් ඇතුළත එම ඉල්ලීම පිළිබඳ විමර්ශනයක් පැවැත්වීමට අධිකරණය විසින් නියෝගයක් නිකුත් කළ හැකි බවත්; සහ
(iii) අතුරු ආරක්ෂණ නියෝගයක් මාස 12 නොඉක්මවන කාල සීමාවක් සඳහා බල පැවැත්වෙන බවත්;
එතුමා දන්නෙහිද ?
(ආ) (i) එම නම් කරන ලද කාල සීමාවට පසු විමර්ශන නොපැවැත්වූ සහ විමර්ශන පැවැත්වූ නඩු කවරේද;
(ii) මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකිවූ මහේස්ත්‍රාත්වරුන්ට මග පෙන්වීම සඳහා යොදා ගන්නා ප්‍රතිකර්මීය ක්‍රියාමාර්ග සහ එම නිසා ප්‍රමාදයන්ට ලක්වූ වින්දිතයන්ට ගෙවීමට තිබෙන වන්දි ප්‍රමාණය කවරේද;
(iii) අතුරු නියෝග නොවන නියෝග සඳහා අවසන් දිනයක් තිබීමටත්, අතුරු නියෝග සඳහා එවන් දිනයක් නොතිබීමටත් හේතුව කවරේද;
(iv) එම විෂමතාව නිවැරදි කිරීම සඳහා පියවර ගනු ලබන්නේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2011-09-20
අසන ලද්දේ
ගරු ගරු රාජිව විජේසිංහ මහතා, පා.ම., මහතා, පා.ම.
අමාත්‍යාංශය
ළමා සංවර්ධන හා කාන්තා කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks