E   |     |  

 දිනය: 2012-01-19   පිළිතුර ලබා දී ඇත 

1922/ 2012 - ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1922/’11

       

      ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      වර්ෂ 2005 සිට 2010 දක්වා ලංකාවේ තිබූ බෞද්ධ විහාරස්ථාන සංඛ්‍යාව  වාර්ෂිකව වෙන් වෙන් වශයෙන් කොපමණද;

        (ii) එම විහාරස්ථානවල නම්, ලිපිනයන් සහ දුරකථන අංක කවරේද;

      (iii) වර්ෂ 1993 සිට 2005 දක්වා ශ්‍රී ලංකාවේ තිබූ විහාරස්ථාන සංඛ්‍යාව කොපමණද;

      (iv) එම කාලය තුළ විහාරධිපති ස්වාමින් වහන්සේලා නොමැතිව තිබූ  විහාරස්ථාන සංඛ්‍යාව වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් කවරේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

      (ආ) (i) 1993 සිට 2011 දක්වා ලංකාවේ විහාරස්ථානවල වැඩ සිටි පැවිදි ස්වාමීන් වහන්සේලා සංඛ්‍යාව කොපමණද;

      (ii) එම කාලය තුළ පැවිදි බව අතහැර ගිය ස්වාමීන් වහන්සේලා සංඛ්‍යාව කොපමණද;

      (iii) 2011 ජනවාරි, පෙබරවාරි සහ මාර්තු යන මාස වල පැවිදි බව අතහැර ගිය සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iv) පැවිදි බව අතහැර යාමට හේතු කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) (i) නොදියුණු පළාත්වල ඇති විහාරස්ථාන දියුණු කිරීම සඳහා ගත් පියවර කවරේද;

      (ii) දුගී පළාත්වල විහාරස්ථාන සඳහා මාසිකව රු. 5000.00ක හෝ මුදලක් ලබාදීමට පියවර ගන්නේද;

      යන්න එතුමා සඳහන්කරන්නෙහිද?

      (ඈ)    නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2012-01-19

අසන ලද්දේ

ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks