පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1942/’11
ගරු බුද්ධික පතිරණ මහතා,— රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) ඇඹිලිපිටිය කඩදාසි කම්හල සහ කන්තලේ පිහිටා ඇති සීනි කර්මාන්තශාලාව විදේශීය සමාගම් කිහිපයකට විකුණාදැමීමේ සැලසුමක් පවතින බව එතුමා දන්නෙහිද?
(ආ) (i) එසේ නම්, එම ආයතන දෙක විකිණීමට අපේක්ෂා කරන සමාගම්වල නම් සහ එම සමාගම් අයත් රටවල්වල නම් වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) එම ආයතන අලෙවිකිරීමේ දී මිල ගණන් කැඳවීමක් සිදුකරනු ලැබුවේද;
(iii) එසේ නම්, ඒ සඳහා අයදුම්පත් ඉදිරිපත් කරන ලද සමාගම් සහ ඒවා අයත් රටවල නම් කවරේද;
(iv) එම එක් එක් ආයතනය ඉදිරිපත් කරන ලද මිල ගණන් වෙන් වෙන් වශයෙන් කවරේද;
(v) එම ආයතන විකිණීම මගින් රජය අපේක්ෂා කරන මුළු ආදායම කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) ඉහත ආයතන විකිණීම, රාජ්‍ය ආයතන විකුණා නොදමන බවට මහින්ද චින්තනයේ සඳහන් ප්‍රකාශයට පටහැනි බව එතුමා පිළිගන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-11-24
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය සම්පත් සහ ව්‍යවසාය සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
කඩදාසි සහ සීනි කර්මාන්තශාලා විකිණීමේ සැලැස්ම : විස්තර
පිළිතුරු දුන් දිනය
2012-11-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු දයාශ්‍රිත තිසේරා මහතා, පා.ම.,, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks