පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1994/’11
ගරු තිලංග සුමතිපාල මහතා,— රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) ත්‍රිකුණාමලය, නගර හා කඩවත් ප්‍රාදේශීය ලේකම්වරයා එම කාර්යාලයේ රාජකාරී ආරම්භ කළ දිනය කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) එම ප්‍රාදේශීය ලේකම්වරයාගේ,
(i) පළමු පත්වීම් දිනය හා රාජකාරී ස්ථානය කුමක්ද;
(ii) ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ශ්‍රේණිය කවරේද;
(iii) තනතුර හෙබවීමේ පදනම කුමක්ද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) නිලධාරීන්ට හා පුද්ගලයන්ට එරෙහිව එම ප්‍රාදේශීය ලේකම්වරයා විසින් දිස්ත්‍රික් ලේකම්වරයාට හා ආණ්ඩුකාරවරයාට මෙතෙක් කර ඇති පැමිණිලි සංඛ්‍යාව කොපමණද;
(ii) එම ප්‍රාදේශීය ලේකම්වරයාට හා එම කාර්යාලයේ ග්‍රාම නිලධාරීන්ට එරෙහිව දිස්ත්‍රික් ලේකම්වරයාට, ආණ්ඩුකාරවරයාට හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව කොපමණද;
(iii) ප්‍රාදේශීය ලේකම්වරයාට එරෙහිව පැමිණිලි සංක්ෂිප්තව කවරේද;
(iv) පැමිණිලි ලැබී ඇති ග්‍රාම නිලධාරින් සහ ඔවුන්ගේ කොට්ඨාස කවරේද;
(v) එම පැමිණිලි සම්බන්ධයෙන් ගෙන ඇති පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) (i) එම ප්‍රාදේශීය ලේකම්වරයා පළාත් ඉඩම් කොමසාරිස්ට එරෙහිව නැගෙනහිර ආණ්ඩුකාරවරයාට කළ පැමිණිල්ල කවරේද;
(ii) ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා තිබේද;
(iii) එහි නිර්දේශ කවරේද;
(iv) මේ වන විට ඒ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-02-09
අසන ලද්දේ
ගරු තිලංග සුමතිපාල මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks