E   |     |  

 දිනය: 2023-04-04   පිළිතුර ලබා දී ඇත 

0382/ 2023 - ගරු නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 382/2023

      ගරු නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා,— නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       ශ්‍රී ලංකාවේ නගර අලංකරණ වැඩසටහන යටතේ මේ වනවිට මහනුවර නගරයේ මාර්ග දෙපස පාරිසරික වටිනාකමකින් යුතු රුක් රෝපණය කර ඇති බව දන්නේද:‍

                   (ii)       එම වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික්‍කයේ ප්‍රධාන නගරවල මාර්ග දෙපස ඇති පැරණි ගස් වෙනුවට පාරිසරික වටිනාකමකින් යුත් රුක් රෝපණය කිරීමට පියවර ගන්නේද;

      (iii) ‍එසේ නම්, ඉහත සඳහන් වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ සුදුසු නගර මේ වනවිට හඳුනාගෙන  තිබේද;

      (iv) එම නගර කවරේද;

      (v) එම වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන දිනය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) මහනුවර නගරයේ ඵෙතිහාසික වටිනාකමක් ඇති ස්ථානවල සහ පොදු ස්ථානවල නිරතුරුවම යාචකයන් ගැවසීම හේතුවෙන්  නගරයේ අලංකාරයට සහ පවිත්‍රතාවයට අහිතකර බලපෑමක් සිදු වී ඇති බව දන්නේද;

       

      (ii) එසේ නම්,  එම යාචකයන් වෙනත් සුදුසු ස්ථානයකට යොමු කිරීම සඳහා පියවර ගන්නේද;

      (iii) එසේ නම්, ඒ සම්බන්ධයෙන් ගනු ලබන පියවර කවරේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2023-04-04

අසන ලද්දේ

ගරු නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

නාගරික සංවර්ධන හා නිවාස

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks