බලන්න

E   |     |  

 දිනය: 2023-04-27   පිළිතුර ලබා දී ඇත 

0383/ 2023 - ගරු නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 383/2023

      ගරු නීතීඥ වසන්ත යාපාබණ්ඩාර මහතා,— තාක්ෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       විවිධ දුරකථන සමාගම්වලට අයත් සිම්කාඩ්පත් රජයේ නිසි නියාමනයකින් තොරව ප්‍රධාන නගරවල පදික වේදිකාවේ අලෙවි කරනු ලබන බවත්;

                   (ii)       එම සිම්කාඩ්පත් වංචනික ලෙස විශාල වශයෙන් මිලට ගනු ලබන පුද්ගලයන් විසින් ඒවා අවභාවිතා කර විවිධ අක්‍රමිකතා සිදු කරනු ලබන බවත්;

      (iii) අන්තර්ජාලය හරහා භාණ්ඩ ලබා දෙන බවට පොරොන්දු වී වංචනික ආකාරයෙන් බැංකු ගිණුම්වලට මුදල් බැර කර ගැනීමේ ජාවාරමක් සිදු කරනු ලබන බවත්;

      (iv) මහනුවර, රත්නපුර, පිළියන්දල, බදුල්ල සහ කොළඹ ඇතුළු බොහෝ ප්‍රදේශවල තරුණයන් මේ වනවිට එම ජාවාරමෙහි ගොදුරක් බවට පත් වී ඇති බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) එසේ නම්, ඉහත වංචා වැළැක්වීම සඳහා මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉදිරියේදී ගැනීමට ‍අපේක්ෂිත ක්‍රියාමාර්ග වෙන් වෙන් වශයෙන් කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2023-04-27

අසන ලද්දේ

ගරු නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

තාක්ෂණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

සිම් කාඩ් වංචා: වැළැක්වීම

පිළිතුරු දුන් දිනය

2023-08-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කනක හේරත්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks