බලන්න

E   |     |  

 දිනය: 2023-05-11   පිළිතුර ලබා දී ඇත 

0384/ 2023 - ගරු නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 384/2023

      ගරු නීතීඥ වසන්ත යාපාබණ්ඩාර මහතා,— වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       වික්ටෝරියා ජලාශයේ උපරිම ජල ධාරිතාවය 2021 වර්ෂය වනවිට ඝන මීටර් මිලියන 723 ක් වූ අතර 2022 ජනවාරි මාසය අවසන් වනවිට එය ඝන මීටර් මිලියන 428 ක් දක්වා පහත වැටී ඇති බවත්;

      (ii) එම ජලාශයේ ජලය සීඝ්‍රයෙන් අඩුවීමට මහවැලි ගඟ මධ්‍යයේ ඇති පැල්මක් හේතු වී ඇති බවත්;‍

      එතුමා දන්නෙහිද?

      (ආ) (i) මහවැලි ග‍‍ඟේ ජල ධාරිතාවය සීඝ්‍රයෙන් පහළ බැසීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නේද;

      (ii) ජලාශ මට්ටමින් වාර්ෂිකව ජල විගණනයක් සිදු කිරීමට පියවර ගන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) විදුලිය නිෂ්පාදනය සඳහා වැඩි වශයෙන් ජලය ලබා ගැනීමෙන් ගංඟාවල ජලය අඩුවීම හේතුවෙන් ගොවිතැන් සඳහා අවශ්‍ය ජලය නිසිකලට ලබා ගැනීම ඉදිරියේදී ගැටලුකාරී විය හැකි බව පිළිගන්නේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2023-05-11

අසන ලද්දේ

ගරු නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks