පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
422/2023
ගරු ගයන්ත කරුණාතිලක මහතා,— කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණ නැවත රැකියා සඳහා විදේශගත වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සංඛ්‍යාව කොපමණද;
(ii) ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව රැකියා අහිමි වීම හේතුවෙන් එම ශ්‍රමිකයන් අතරින් යම් පිරිසකට නැවත විදේශගත වීමට නොහැකි වූ බව පිළිගන්නේද;
(iii) විදේශ රැකියා අහිමි වූ එම ශ්‍රමිකයන් සම්බන්ධයෙන් ගෙන ඇති පියවර කවරේද;
(iv) “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි විදේශ රැකියා නිමකර ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රමිකයන්ට බදු නිදහස් ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා විශේෂ ව්‍යාපෘති ණය මුදලක් ලබාදීමේ වැඩපිළිවෙළ මේ වනවිට ක්‍රියාත්මක වන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-08-23
අසන ලද්දේ
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
අමාත්‍යාංශය
කම්කරු හා විදේශ රැකියා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks