E   |     |  

 දිනය: 2023-03-22   පිළිතුර ලබා දී ඇත 

0686/ 2023 - ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 686/2023

      ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන  අමාත්‍යතුමා‌ගෙන් ඇසීමට,— 

      (අ)         (i)       1300කට අධික ව්‍යාපාරිකයන් පිරිසක් සිය ව්‍යාපාරික කටයුතුවල නිරත වන කලවංචිකුඩි වෙළඳ මධ්‍යස්ථානයෙහි/වෙළඳපොළෙහි සනීපාරක්ෂක පහසුකම් සහ කාණු පද්ධති වැනි මූලික යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවන බවත්;

      (ii) ව්‍යාපාරික කටයුතු සඳහා ස්ථිර ගොඩනැගිලි නොමැතිවීම හේතුවෙන් එළිමහන් ස්ථානවල ව්‍යාපාරික කටයුතු සිදුකරන අතර වර්ෂා කාලවලදී  ව්‍යාපාරිකයන් දැඩි දුෂ්කරතාවලට මුහුණ දෙනු ලබන බවත්;

      (iii) මෙම ස්ථානයේ ඇති මත්ස්‍ය වෙළඳපොළ තාක්ෂණික පහසුකම් සහිතව අලුත්වැඩියා කර නොමැති වීම හේතුවෙන් මත්ස්‍ය ව්‍යාපාරිකයන් විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙනු ලබන බවත්;

      (iv)  එහි මාර්ග අබලන් තත්ත්වයක පවතින බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) (i) ඉහත වෙළෙඳ මධ්‍යස්ථානය/වෙළඳපොළ සංවර්ධනය කිරීම සඳහා පියවර ගන්නේද;

      (ii) එසේ නම්, එම සංවර්ධන කටයුතු ආරම්භ කරනු ලබන දිනය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2023-03-22

අසන ලද්දේ

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කලවංචිකුඩි වෙළෙඳ මධ්‍යස්ථානය: සංවර්ධනය

පිළිතුරු දුන් දිනය

2023-03-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජානක වක්කුඹුර, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks