පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1324/2023
ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) රජයේ පාසලක එක් පංතියක සිටිය යුතු උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව සම්බන්ධයෙන් වර්ෂ 2015 සිට මේ දක්වා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ සංඛ්‍යාව කොපමණද;
(ii) එම එක් එක් චක්‍රලේඛය නිකුත් කරන ලද දිනය වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) එම එක් එක් චක්‍රලේඛය මඟින් නියම කර ඇති රජයේ පාසලක එක් පංතියක සිටිය යුතු උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව 45 දක්වා වැඩිකිරීමේ තීරණයක් මෑතකදී ගෙන තිබේ නම්, ඒ සඳහා බලපාන ලද හේතු කවරේද;
(ii) අධ්‍යාපන වෘත්තීය සමිති එම තීරණයට දැඩි විරෝධය දක්වා තිබීම හේතුවෙන්, එම තීරණය නැවත සමාලෝචනය කිරීමට අමාත්‍යාංශය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-05-26
අසන ලද්දේ
ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
පන්ති කාමරයක සිටිය යුතු උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව: අදාල චක්‍රලේඛ
පිළිතුරු දුන් දිනය
2023-07-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks