E   |     |  

 දිනය: 2023-06-20   පිළිතුර ලබා දී ඇත 

1617/ 2023 - ගරු තිස්ස අත්තනායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1617/2023

      ගරු තිස්ස අත්තනායක මහතා,—  වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා රජයට පවරා ගන්නා ලද ඉඩම් ප්‍රමාණය හෙක්ටයාරවලින් කොපමණද;

                   (ii)      එම ඉඩම් වෙනුවෙන් ගෙවිය යුතු මුළු වන්දි මුදල කොපමණද;

                  (iii)      එම වන්දි වෙනුවෙන් පොළී මුදලක් ගෙවීමට සිදු වූයේ නම්, ඊට හේතු කවරේද;

      (iv) වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් රු. 4,620,420/= ක  පොළී මුදලක් වැඩිපුර ගෙවීමට හේතු කවරේද;

      (v) වැඩිපුර ගෙවන ලද එම පොළී මුදල, නැවත අයකර ගැනීමට පියවර ගෙන තිබේද;

      (vi) නොඑසේ නම්, ඊට හේතු කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2023-06-20

අසන ලද්දේ

ගරු තිස්ස අත්තනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

උමා ඔය ව්‍යාපෘතියට අත්පත් කරගත් ඉඩම්: වන්දි

පිළිතුරු දුන් දිනය

2023-06-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ශෂීන්ද්‍ර රාජපක්ෂ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks