පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1623/2023
ගරු තිස්ස අත්තනායක මහතා,— කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ එක් එක් වගා කන්නවල සිදු වන කාලගුණ වෙනස්වීම් හේතුවෙන් එළවළු බීජ නිෂ්පාදනයේදී ඇති වන ගැටලු සම්බන්ධයෙන් සලකා බලා එයට විසඳුමක් ලෙස හරිතාගාර තුළ එළවළු බීජ නිෂ්පාදනය කිරීම සඳහා සුදුසු වැඩසටහනක් සකස් කිරීම පිණිස 2018 වර්ෂයේදී කුණ්ඩසාලේ කෘෂිකර්ම උපදේශකවරයා විසින් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් අනුමතිය ඉල්ලා ඇති බව දන්නේද;
(ii) ඒ සම්බන්ධයෙන් මේ වනවිට ගෙන ඇති පියවර කවරේද;
(iii) ඉහත වැඩසටහන සඳහා පුද්ගලික අංශය සතු හරිතාගාර සම්බන්ධ කර ගැනීමට අපේක්ෂා කරන්නේද;
(iv) එසේ නම්, එම හරිතාගාර ඉහත සඳහන් වැඩසටහන සඳහා සම්බන්ධකර ගනු ලබන ක්‍රමවේදය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-11-10
අසන ලද්දේ
ගරු තිස්ස අත්තනායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks