බලන්න

E   |     |  

 දිනය: 2023-03-21   පිළිතුර ලබා දී ඇත 

1673/ 2023 - ගරු චාල්ස් නිර්මලනාදන් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1673/2023

      ගරු චාල්ස් නිර්මලනාදන් මහතා,— විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       ශ්‍රී ලංකාවේ පැවැති යුදමය තත්ත්වය හේතුවෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල ජීවත් වූ දමිළ ජනතාව දහස් ගණනක් ඉන්දියාවට සංක්‍රමණය වී එහි කඳවුරු තුළ හා පිටත රැඳී සිටින බවත්;

      (ii) මේ වනවිට යුදමය තත්ත්වය අවසන් වී ඇතත්, ඉහත පිරිසෙන් ආසන්න වශයෙන් 100,000ක පමණ පිරිසක් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටින බවත්;

      (iii) ඉහත සඳහන් ජනතාව අතරින් කඳවුරුවලින් පිටත ස්ථානවල ජීවත්වන බොහෝ පිරිසකට ඉන්දීය රජය විසින් වීසා බලපත්‍ර ලබා නොදීම හේතුවෙන් ඔවුන් ශ්‍රී ලංකාවට නැවත පැමිණීමේදී  ඉන්දියාවේ ජීවත් වූ මුළු කාලය සඳහාම වීසා බලපත්‍ර ගාස්තු ගෙවීමට සිදු වී ඇති බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) ඉහත සඳහන් ජනතාව නැවත ශ්‍රී  ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2023-03-21

අසන ලද්දේ

ගරු චාල්ස් නිර්මලනාදන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වි‍දේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

යුදමය තත්ත්වය තුළ ඉන්දියාවට සංක්‍රමණය වූ දෙමළ ජනතාව: නැවත ගෙන්වා ගැනීම

පිළිතුරු දුන් දිනය

2023-05-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජනාධිපති නීතිඥ එම්. යූ. එම්. අලි සබ්රි, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks