E   |     |  

 දිනය: 2023-06-06   පිළිතුර ලබා දී ඇත 

1676/ 2023 - ගරු චාල්ස් නිර්මලනාදන් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1676/2023

      ගරු චාල්ස් නිර්මලනාදන් මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)       මුලතිව් දිස්ත්‍රික්කයේ, මුහුදුබඩපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කොක්කුත්තොඩුවායි සිට ‍ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ තෙන්නෙයිමරවාඩි දක්වා දිවෙන කිලෝ මීටර් 15ක පමණ දුරකින් යුතු කෘෂිකාර්මික ‍‍‍‍‍මාර්ගයක් පවතින බවත්;

        (ii) එම මාර්ගය මේ වනවිට ගොවීන්ට භාවිතා කිරීමට නොහැකි පරිදි අබලන් තත්ත්වයක පවතින බවත්;

      (iii) ඉහත මාර්ගයේ දෙපස ඇති කුඹුරුවල වී අස්වැන්න අලෙවි කිරීමේ කටයුතුවලදී ගොවීන් භාවිතා කරනු ලබන එකම ප්‍රවාහන මාර්ගය ඉහත මාර්ගය බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) එම මාර්ගය ගොවීන්ට භාවිතා කළ හැකි වන පරිදි අලුත්වැඩියා කිරීම සඳහා පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2023-06-06

අසන ලද්දේ

ගරු චාල්ස් නිර්මලනාදන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කොක්කුත්තොඩුවායි සිට ‍තෙන්නෙයිමරවාඩි දක්වා මාර්ගය: අලුත්වැඩියා කිරීම

පිළිතුරු දුන් දිනය

2023-06-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks