E   |     |  

 දිනය: 2023-08-24   පිළිතුර ලබා දී ඇත 

2018/ 2023 - ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2018/2023

      ගරු කිංස් නෙල්සන් මහතා,— කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)      පොළොන්නරුව දිස්ත්‍රික්කයේ එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව,  —

                     (i)      වර්ෂ 2015 සිට මේ දක්වා සමෘද්ධි සහනාධාරලාභීන් සංඛ්‍යාව;

                   (ii)     එම කාල සීමාව තුළ දිස්ත්‍රික්කයේ සවිබලගන්වන ලද සමෘද්ධි සහනාධාරලාභීන් සංඛ්‍යාව;

      (iii) එසේ සවිබලගැන්වීමෙන් සමෘද්ධි සහනාධාර වැඩසටහනෙන් ඉවත් කරන ලද සමෘද්ධි සහනාධාරලාභීන් සංඛ්‍යාව;

      (iv) ඉවත් කරන ලද සමෘද්ධි සහනාධාරලාභීන් වෙනුවට අලුතින් සමෘද්ධි සහනාධාර ලැබීමට සුදුසුකම් ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව;

       වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

       (ආ) ඉහත (iv)හි සඳහන් පුද්ගලයන්ට සමෘද්ධි සහනාධාරය කඩිනමින් ලබාදීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2023-08-24

අසන ලද්දේ

ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමෘද්ධිලාභීන්: විස්තර

පිළිතුරු දුන් දිනය

2023-11-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රසන්න රණතුංග, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks