E   |     |  

 දිනය: 2012-05-08   පිළිතුර ලබා දී ඇත 

2233/ 2012 - ගරු විජයකලා මහේස්වරන් මහත්මිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2233/’12

       

      ගරු විජයකලා මහේස්වරන් මහත්මිය,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       2011 අයවැය යෝජනා සහ ඒ අනුව නිකුත් කරන ලද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 28/2010 අනුව ශ්‍රී ලංකා ගුරු සේවයේ ගුරුවරුන්ගේ වැටුප් හා දීමනා සංශෝධනය සිදු කර නොමැති බවත්;

        (ii)  එම ගුරුවරුන් ඔවුන්ගේ අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම් අනුව නිසි වැටුප් පියවරයන්හි පිහිටුවීම මෙතෙක් සිදු කර නොමැති බවත්;  

      එතුමා දන්නෙහිද?        

      (ආ)  (i)  වැටුප් සංශෝධනය කිරීම හා ගුරුවරුන් නිසි වැටුප් පියවරයන්හි පිහිටුවීම සම්බන්ධයෙන් උපදෙස් දෙමින් මෑතකදී කලාප අධ්‍යාපන කාර්යාල වෙත  චක්‍රලේඛයක් යවා තිබේද;

        (ii)  නොඑසේ නම්, ගුරුවරුන්ගේ වැටුප් සංශෝධනය කිරීමට අදාළ තත්ත්වය නිවැරදි කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලබන්නේද;  

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

      (ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2012-05-08

අසන ලද්දේ

ගරු විජයකලා මහේස්වරන් මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks