පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2690/2023
ගරු කේ. පී. එස්. කුමාරසිරි මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ප්‍රමිතියෙන් උසස් බීජ සපයා ගැනීම, කෘෂිකර්මාන්තයේ නිරත වී සිටින ගොවීන්ට ඇති ප්‍රධාන ගැටලුවක් බවත්;
(ii) වෙළඳපොළ තුළ අධික මිල ගණන්වලට බීජ අලෙවි කරනු ලබන බවත්;
(iii) එම බීජ ප්‍රමිතියෙන් තොර බවත්;
(iv) ඒ හේතුවෙන් ගොවීන් දැඩි අපහසුතාවයන්ට පත් වී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ගොවීන්ට ප්‍රමිතියෙන් උසස් බීජ ලබා දීම සඳහා මේ වනවිට ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ කවරේද;
(ii) ගොවීන්ට අවශ්‍ය බීජ රජයේ අනුග්‍රහය යටතේ ලබා දීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේද;
(iii) බීජ සඳහා පාලන මිලක් නියම කිරීමට පියවර ගන්නේද;
(iv) ශ්‍රී ලංකාවට අවශ්‍ය බීජ ප්‍රමාණය මෙරට තුළම නිෂ්පාදනය කර අඩු මිලට ගොවීන්ට ලබා දීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේද;
(v) ගොවිජන සේවා මධ්‍යස්ථාන, ප්‍රාදේශීය බීජ ගබඩා මධ්‍යස්ථාන ලෙස වැඩිදියුණු කිරීමට පියවර ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-05-10
අසන ලද්දේ
ගරු කේ. පී. එස්. කුමාරසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks