පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2694/2023
ගරු කේ. පී. එස්. කුමාරසිරි මහතා,— ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) අනුරාධපුර ප්‍රධාන තැපැල් කාර්යාලය ස්ථාපිත කර ඇති ගොඩනැගිල්ල මේ වනවිට අබලන් තත්ත්වයට පත් වී ඇති බවත්;
(ii) ඒ හේතුවෙන් පාරිභෝගික ජනතාවගේ සහ සේවකයන්ගේ ජිවිතවලට පවා තර්ජනයක් ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ඉහත ගොඩනැගිල්ල අලුත්වැඩියා නොකර එය පිහිටි, තැපැල් දෙපාර්තමේන්තුව සතු ඉඩම නිවාස ව්‍යාපෘතියක් සඳහා පෞද්ගලික සමාගමකට ලබා දීමට පියවර ගෙන තිබේද;
(ii) ඒ සඳහා මේ වනවිට එකඟ වී ඇති කොන්දේසි කවරේද;
(iii) ඉඩමේ හා ගොඩනැගිල්ලේ අයිතිය තැපැල් දෙපාර්තමේන්තුව සතුව තබාගෙන එම ඉඩමෙහි ඉහත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) මේ වනවිට පාඩු ලබන තත්ත්වයක පවතින තැපැල් දෙපාර්තමේන්තුව ලාභ ලබන තත්ත්වයකට පත් කිරීම සඳහා ගෙන ඇති පියවර කවරේද;
(ii) වර්තමාන සමාජයට හා වෙළඳපොළ අවශ්‍යතාවලට ගැලපෙන පරිදි තැපැල් දෙපාර්තමේන්තුව නවීකරණය කිරීමට පියවර ගන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-10-04
අසන ලද්දේ
ගරු කේ. පී. එස්. කුමාරසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks