පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2933/2023
ගරු හෙක්ටර් අප්පුහාමි මහතා,— කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ඕමානය හා ඩුබායි වැනි රටවලට ශ්‍රී ලාංකික කාන්තාවන් රැගෙන යාමේ මිනිස් ජාවාරමක් ක්‍රියාත්මක වන බව දන්නේද;
(ii) එම ජාවාරමට ඉහත රටවල ස්ථාපනය කර ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල සේවකයන්ද සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති බව පිළිගන්නේද;
(iii) එසේ නම්, එම එක් එක් සේවකයාගේ නම, තනතුර හා සේවා ස්ථානය කවරේද;
(iv) එම සේවකයන්ට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
(v) විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් හා එම රටවල ස්ථාපිත කර ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල සේවකයන් අතර සුහදතාවය වර්ධනය කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-05-24
අසන ලද්දේ
ගරු හෙක්ටර් අප්පුහාමි මහතා, පා.ම.
අමාත්‍යාංශය
කම්කරු හා විදේශ රැකියා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks