E   |     |  

 දිනය: 2023-09-20   පිළිතුර ලබා දී ඇත 

2972/ 2023 - ගරු හේෂා විතානගේ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2972/2023

      ගරු හේෂා විතානගේ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       අනාරක්ෂිත අයුරින් පාසල් සිසුන් මාර්ග ධාවන තරඟවලට සහභාගී කරවනු ලබන බව දන්නේද;

                   (ii)       දැඩි රථවාහන තදබදයක් පවතින අවස්ථාවලදී ප්‍රධාන නගර ආශ්‍රිතව එවැනි මාර්ග ධාවන තරඟ පැවැත්වීමට පාසල් වෙත අවසර ලබා  දී තිබේද;

      (iii) එසේ නම්,  එම අවසර ලබා ගනු ලබන පාසල්/ආයතන විසින් මාර්ග ධාවන තරඟවලට සහභාගී වන සිසුන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

      (iv) ප්‍රධාන නගරවලින් ඈත්ව රථවාහන තදබදය අඩු මාර්ග පමණක් භාවිතා කර මාර්ග  ධාවන තරඟ පැවැත්වීම සුදුසු  බව පිළිගන්නේද;

      (v) එසේ නම්,  ඒ සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් පාසල් වෙත නිකුත් කිරීමට පියවර ගන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2023-09-20

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

අනාරක්ෂිත ලෙස මාර්ග ධාවන තරගවලට සහභාගි වන පාසල් සිසුන්: ආරක්ෂාව සැලසීම

පිළිතුරු දුන් දිනය

2023-09-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks