E   |     |  

 දිනය: 2023-07-20   පිළිතුර ලබා දී ඇත 

3094/ 2023 - ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3094/2023

       

      ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා,— ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් ඩිපෝ සංඛ්‍යාව කොපමණද;

                   (ii)       රාජ්‍ය ආයතන සඳහා භාණ්ඩ මිලදී ගැනීමේදි අනුගමනය කළ යුතු ප්‍රසම්පාදන ක්‍රමවේද උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් සඳහා අවශ්‍ය අමතර කොටස් පංචිකාවත්තෙන් මිල දී ගෙන තිබෙන බව දන්නේද;

      (iii) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා නිසි ප්‍රසම්පාදන සැලැස්මක් නොමැති බව දන්නේද;

        (iv) එසේ නම්, එම මණ්ඩලය සඳහා නිසි  ප්‍රසම්පාදන සැලැස්මක් ක්‍රියාත්මක කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2023-07-20

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය: බස් රථ සඳහා අමතර කොටස් මිලදී ගැනීම

පිළිතුරු දුන් දිනය

2023-07-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු බන්දුල ගුණවර්ධන, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks