E   |     |  

 දිනය: 2023-07-06   පිළිතුර ලබා දී ඇත 

3106/ 2023 - ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3106/2023

      ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා,—  වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      යාපනය, නෙඩුන්තීවු  දූපතෙහි පිහිටා ඇති වැව් සංඛ්‍යාව;

                   (ii)      ඒ අතරින් වාරි කටයුතු සඳහා භාවිතා කරන සහ නොකරන වැව් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන්;

                 (iii)      එම වැව්වල ජල ධාරිතාවය වෙන් වෙන් වශයෙන්;

      කොපමණද යන්න එතුමා‍ සඳහන් කරන්නෙහිද?

      (ආ) (i) නෙඩුන්තීවු දූපතෙහි පිහිටා ඇති වැව් අතරින් මේ වනවිට ප්‍රතිසංස්කරණය කර ඇති වැව්වල නම් කවරේද;

      (ii) එම වැව් ප්‍රතිසංස්කරණ කිරීම සඳහා වෙන් කරන ලද මුදල කොපමණද;

      (iii) මේ වනවිට ප්‍රතිසංස්කරණය නොකරන ලද වැව්, ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ගත වන කාලය කොපමණද;

      යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ) (i) මෙම දූපතෙහි පවතින පානීය ජල ගැටලුවට විසඳුමක් වශයෙන් දූපතේ පිහිටා ඇති වැව් මඟින් පානීය ජලය ලබා ගැනීම සඳහා යම් ක්‍රමවේදයක්  සකස් කර තිබේද;

      (ii) නොඑසේ නම්, ඊට හේතු කවරේද;

      යන්න තවදුරටත් එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2023-07-06

අසන ලද්දේ

ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks