පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3153/2023
ගරු තවරාජා කලෙයි අරසන් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) අධ්‍යාපන අමාත්‍යාංශයේ තාක්ෂණික අධ්‍යාපන සංවර්ධන වැඩසටහන් අධ්‍යක්ෂවරයාගේ 2020.06.25 දිනැති ලිපිය ප්‍රකාරව කල්මුනේ අධ්‍යාපන කලාපයේ, කල්මුනේ, කමු/කමු/වෙස්ලි උසස් පාසලේ තාක්ෂණික අධ්‍යාපනය සඳහා ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා අවසර ලබා දී මුල්‍ය ප්‍රතිපාදනද වෙන් කර ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලද බවත්;
(ii) ඉහත ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා එම පාසලේ තිබූ පරිගණක කාමරය සහ පන්ති කාමර පහකින් සමන්විත ගොඩනැගිල්ල නිසි අවසරය මත කඩා ඉවත් කරන ලද බවත්;
(iii) මේ වනවිට ඉහත පාසලේ තාක්ෂණික පාඨමාලාව හැඳෑරීම සඳහා නව හෝ පැරණි ගොඩනැගිල්ලක් නොමැති වීමෙන් සිසුන් දුෂ්කරතාවයට පත්ව ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) මේ වනවිටත් ඉදිකිරීම් කටයුතු අවසන් කර නොමැති ඉහත ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා වෙන්කරන ලද ප්‍රතිපාදනයේ වර්තමාන තත්ත්වය කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-05-24
අසන ලද්දේ
ගරු තවරාජා කලෙයි අරසන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks