පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3156/2023
ගරු කේ. පී. එස්. කුමාරසිරි මහතා,— වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මේ වනවිට ශ්‍රී ලංකාවේ වැව් බොහෝ ප්‍රමාණයක ආක්‍රමණික ශාඛ වර්ධනය වී ඇති බවත්;
(ii) එම ශාඛ දිරාපත් වී වැව් පතුලට කිඳාබැසීම හේතුවෙන් වැව් ගොඩ වී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ඉහත වැව්වල ඇති ආක්‍රමණික ශාක ඉවත් කිරීම සඳහා වැඩපිළිවෙළක් තිබේද;
(ii) මේ වනවිට ගොඩවී ඇති වැව් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පවතින වැඩපිළිවෙළ කවරේද;
(iii) වැව්වල වැඩෙන ආක්‍රමණික ශාක මර්දනය කිරීම සඳහා ගොවි සංවිධාන සමඟ ඒකාබද්ධව වැඩපිළිවෙළක් සකස් කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) වැව් රක්ෂිත හා වැව් බැම්ම ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇති පියවර කවරේද;
(ii) වැව් ආරක්ෂා කිරීම සඳහා ජනතාව සමඟ ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කිරීමට පියවර ගන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-11-10
අසන ලද්දේ
ගරු කේ. පී. එස්. කුමාරසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks