E   |     |  

 දිනය: 2023-05-25   පිළිතුර ලබා දී ඇත 

3227/ 2023 - ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3227/2023

      ගරු නිරෝෂන් පෙරේරා මහතා,—  අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන  අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      රජයේ සේවකයන් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේද;

                     (ii)      එසේ නම්, මේ වනවිට විදේශ රැකියා සඳහා ඉල්ලුම් කර ඇති රජයේ සේවකයන් සංඛ්‍යාව,  ඒ අතරින් මේ වනවිට විදේශ රැකියා සඳහා යොමු කර ඇති රජයේ සේවකයන් සංඛ්‍යාව සහ විදේශ රැකියා සඳහා ඉදිරියේදී යොමු කිරීමට අපේක්ෂා කරනු ලබන රජයේ සේවකයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iii) විදේශ රැකියා සඳහා යොමු කරවනු ලබන රජයේ සේවකයන් එම රැකියා සඳහා පුහුණු කිරීමේ වැඩසටහනක්  ක්‍රියාත්මක කර තිබේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2023-05-25

අසන ලද්දේ

ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

රාජ්‍ය සේවකයන් සඳහා විදේශ රැකියා: විස්තර

පිළිතුරු දුන් දිනය

2023-08-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අශෝක ප්‍රියන්ත, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks