පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3229/2023
ගරු නිරෝෂන් පෙරේරා මහතා,— ධීවර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පුත්තලම දිස්ත්‍රික්කයේ, “වෙල්ලමන්කරය” ධීවර වරාය ඉදිකිරීම සඳහා වැය කරන ලද මුදල කොපමණද;
(ii) එම වරායේ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලද දිනය කවරේද;
(iii) එම දිනයේ සිට මේ දක්වා උපයන ලද ආදායම සහ දරන ලද වියදම වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) වෙල්ලමන්කරය ධීවර වරාය සම්බන්ධයෙන් පරිසර වාර්තාවක් සකස් කර තිබේද;
(ii) එම පරිසර වාර්තාව සකස් කරන ලද නිලධාරින්ගේ සහ අනුමත කරන ලද නිලධාරින්ගේ නම් හා තනතුරු වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) එම පරිසර වාර්තාව සභාගත කරන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-07-07
අසන ලද්දේ
ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
ධීවර
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks