E   |     |  

 දිනය: 2023-07-21   පිළිතුර ලබා දී ඇත 

3230/ 2023 - ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3230/2023

      ගරු නිරෝෂන් පෙරේරා මහතා,— ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල සිට කොළඹ වරාය වෙත වාර්ෂිකව කන්ටේනර් බහාලුම් විශාල සංඛ්‍යාවක් ප්‍රවාහනය කරනු ලබන බව පිළිගන්නේද;

                   (ii)      එම කන්ටේනර් බහාලුම්, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් කොළඹ වරාය වෙත ප්‍රවාහනය කිරීම සඳහා යෝජනා කර තිබේද;

      (iii) එසේ නම්, එම යෝජනා කවරේද;

      (iv) මේ වනවිට එම යෝජනා ක්‍රියාත්මක කර තිබේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන ඛනිජ තෙල්, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් විවිධ ප්‍රදේශ වෙත ප්‍රවාහනය කිරීම සඳහා යෝජනා කර තිබේද;

      (ii) එසේ නම්, එම යෝජනා කවරේද;

      (iii) මේ වනවිට එම යෝජනා ක්‍රියාත්මක කර තිබේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2023-07-21

අසන ලද්දේ

ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks