පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3317/2023
ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ සිටින ගවයන් වර්ග කවරේද;
(ii) එක් එක් ප්‍රදේශවලට ආවේනික ගවයන් සිටින්නේද;
(iii) ශ්‍රී ලංකාවේ සිටින කිරි ගවයන් සංඛ්‍යාව කොපමණද;
(iv) එම කිරි ගවයන්ගෙන් දෛනිකව ලබා ගන්නා කිරි ලීටර් සංඛ්‍යාව එක් එක් ගවයන් වර්ගය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(v) මේ වනවිට ගැබ්ගෙන ඇති කිරි ගවයන් සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) කිරිපිටි ආනයනය කිරීම සඳහා විශාල මුදලක් වැය කරනු ලබන බව දන්නේද;
(ii) එසේ නම්, ශ්‍රී ලංකාවේ කිරි ගවයන් සහ කිරි ගොවීන් ආරක්ෂා කර ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-06-23
අසන ලද්දේ
ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks