E   |     |  

 දිනය: 2023-09-06   පිළිතුර ලබා දී ඇත 

3338/ 2023 - ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3338/2023

      ගරු වාසුදේව නානායක්කාර මහතා,— මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       1980 ජූලි වැඩ වර්ජනයට සහභාගි වී රැකියා අහිමිවූවන්ට සහන සැලසීමේ වැඩ සටහන යටතේ 2015.12.31 දින දක්වා එක් වැඩවර්ජකයෙකුට ගෙවූ රු.6000.00ක් වූ මාසික දීමනාව වෙනු‍වට 2016 වර්ෂයේ අයවැය යෝජනා පරිදි එක් වරක් පමණක් ගෙවා අවසන් කරනු ලබන රු.250,000.00ක මුදලක් ලබා දීමට තීරණය කරන ලද බවත්;

      (ii) ඒ අනුව, 2022 වර්ෂයේ දෙසැම්බර් මාසය දක්වා වයස අවුරුදු 65 සම්පූර්ණ වූ වැඩවර්ජකයන්ට ඉහත මුදල නිසි පරිදි ගෙවා ඇති බවත්;

      (iii) 2023 වර්ෂයේ ජනවාරි මාසයේ සිට මේ දක්වා වයස අවුරුදු 65 සම්පූර්ණ වූ කිසිදු වර්ජකයෙකුට එම මුදල ගෙවා නොමැති බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) (i) ඉහත අ(iii)හි සඳහන් වැඩවර්ජකයන්ට එම මුදල නැවත ගෙවීම ආරම්භ කරනු ලබන දිනය කවරේද;‍

      (ii) ඔවුන්ට ඉහත මුදල නොගෙවීමට හේතු කවරේද;‍

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2023-09-06

අසන ලද්දේ

ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

1980 ජූලි වර්ජකයින්: එක්වර ගෙවීමක්

පිළිතුරු දුන් දිනය

2023-11-28

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ශෙහාන් සේමසිංහ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks