පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3354/2023
ගරු ජයන්ත සමරවීර මහතා,— බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මේ වනවිට විනාශ කර ඇති පුරාවිද්‍යා ස්මාරක සංඛ්‍යාව කොපමණද;
(ii) ඒවාට සිදු කර ඇති විනාශයේ ස්වභාවය කවරේද;
(iii) ඒවා විනාශ කරන ලද පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේද;
(iv) එම නීතිමය ක්‍රියාමාර්ගවල වර්තමාන ප්‍රගතිය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) මේ වනවිට ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්මාරක විනාශ කිරීමේ ප්‍රවණතාවයක් පවතින බව දන්නේද;
(ii) එම තත්ත්වය වැළැක්වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
(iii) ගැසට් කර ඇති පුරාවිද්‍යා ස්මාරක විධිමත් ලෙස සංරක්ෂණය නොකරන බව පිළිගන්නේද;
(iv) එසේ නම්, ඊට හේතු කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) ඉදිරියේදී ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට යෝජිත පුරාවිද්‍යා ස්මාරක සංඛ්‍යාව කොපමණද;
(ii) එම එක් එක් පුරාවිද්‍යා ස්මාරකයේ නම, පිහිටා ඇති පළාත, දිස්ත්‍රික්කය හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) එම පුරාවිද්‍යා ස්මාරක ගැසට් කිරීමට අපේක්ෂා කරනු ලබන දිනය කවරේද;
යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-08-22
අසන ලද්දේ
ගරු ජයන්ත සමරවීර මහතා, පා.ම.
අමාත්‍යාංශය
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
පුරාවිද්‍යා ස්මාරක විනාශ කිරීම: වැළැක්වීම
පිළිතුරු දුන් දිනය
2023-08-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු විදුර වික්‍රමනායක, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks