බලන්න

E   |     |  

 දිනය: 2013-06-21   පිළිතුර ලබා දී ඇත 

2523/ 2013 - ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2523/’12

      ගරු බුද්ධික පතිරණ මහතා,— පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන   අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       මිල්කෝ (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනයේ අනුමත සේවක සංඛ්‍යාවට ඇතුළත්  විමර්ශන නිලධාරී තනතුරු සංඛ්‍යාව කොපමණද;    

                  (ii)       2010 මැයි සිට මේ දක්වා එම ආයතනයට පත්කළ එක් එක් විමර්ශන නිලධාරීයාගේ නම, ලිපිනය, පත්කළ දිනය, උපන් දිනය, පත්කළ දිනට වයස සහ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් වෙන් වෙන් වශයෙන් කවරේද;

        (iii)  ඔවුන් පත්කිරීමේදී ප්‍රසිද්ධ දැන්වීමක් මගින් කැඳවූ අයදුම්පත් සලකා බැලුවේද;

        (iv)  නොඑසේ නම්, එම පත්කිරීම් සිදුකළ ආකාරය කවරේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ)     පත්කළ දින සිට 2012 පෙබරවාරි 29 දින දක්වා කාලය තුළදී, 

        (i)  එක් එක් මාසයේදී විමර්ශන නිලධාරීන්ට ගෙවූ වැටුප් හා දීමනා, ගමන් වියදම් හා සංයුක්ත දීමනා, ආහාර, ප්‍රසාද සහ වෙනත් දීමනා එක් එක් නිලධාරියා අනුව, වෙන් වෙන් වශයෙන් කොපමණද;

        (ii)  එම නිලධාරීන් විසින් ඉදිරිපත් කළ සියලුම විමර්ශන වාර්තාවල සහතික පිටපත් ඉදිරිපත් කරන්නේද;

        (iii)  විමර්ශන නිලධාරීන් සේවයෙන් ඉවත්කර තිබේද;

        (iv)    ඉවත්කළ  අයගේ නම්, ඉවත්කළ දිනය හා ඉවත්කිරීමට හේතු වෙන් වෙන් වශයෙන් කවරේද;

      යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-06-21

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

මිල්කෝ (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය : විමර්ශන නිලධාරින්

පිළිතුරු දුන් දිනය

2013-10-02

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු එච්.ආර්. මිත්‍රපාල මහතා, පා.ම.,, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks