පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
105/2024
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) 2024 වර්ෂයේදී පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව කොපමණද;
(ii) එම විභාගයට අදාළ ප්‍රශ්න පත්‍ර හෝ එම ප්‍රශ්න පත්‍රවල අන්තර්ගත ප්‍රශ්න, ඉහත විභාගය පැවැත්වූ දිනට පෙර බාහිර පාර්ශ්වයන් වෙත ලැබී තිබේද;
(iii) එසේ නම්, ඒ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර කවරේද;
(iv) ඒ හේතුවෙන් අගතියට පත් වූ සිසුන් වෙනුවෙන් ගනු ලබන පියවර කවරේද;
(v) එම විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම අත්හිටුවා තිබේද;
(vi) එසේ නම්, එයට හේතු කවරේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-01-24
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks