පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
253/2024
ගරු රවීන්ද්‍ර බණ්ඩාර මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හා හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇති ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් කොපමණද;
(ii) එම ප්‍රමාණය එක් එක් ග්‍රාම නිලධාරි වසම් අනුව වෙන් වෙන් වශයෙන් හෙක්ටයාර්වලින් කොපමණද;
(iii) එම ඉඩම්වලින් දෙවැනි පාර්ශ්වයන් වෙත ලබා දී ඇති ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් කොපමණද;
(iv) එම එක් එක් දෙවැනි පාර්ශ්වයේ නම, එම පාර්ශ්වයට ඉඩම් ලබා දී ඇති ස්ථානය සහ ලබා දී ඇති පදනම වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් නොවන, රජයේ ඉඩම් පිහිටි ස්ථාන හා ප්‍රමාණයන් හෙක්ටයාර්වලින් වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) ඉහත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ මේ වනවිට හඳුනාගෙන ඇති කෘෂිකාර්මික ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් කොපමණද;
(iii) එම ඉඩම් අතරින් මේ වනවිට වගා කර ඇති ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-01-21
අසන ලද්දේ
ගරු රවීන්ද්‍ර බණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks