පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
298/2024
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා,— වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ පරිභෝජනය සඳහා වර්ෂයකට අවශ්‍ය ලුණු ප්‍රමාණය කොපමණද;
(ii) එම ලුණු ප්‍රමාණය සපයා ගන්නා ආකාරය කෙසේද;
(iii) ලුණු නිෂ්පාදනය කරනු ලබන රජයේ ආයතන සහ පෞද්ගලික ආයතන වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) වැඩි වශයෙන් ලුණු නිෂ්පාදනය කරනු ලබන ප්‍රදේශ කවරේද;
(v) ලුණු අස්වැන්න ගබඩා කරනු ලබන ගබඩා පිහිටුවා ඇති ස්ථාන කවරේද;
(vi) එම ගබඩාවල ධාරිතාවය සහ එකී ධාරිතාවයන් කොපමණ කාලසීමාවක් සඳහා ප්‍රමාණවත් වන්නේද යන්න වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) 2024.01.01 දින සිට මේ දක්වා ශ්‍රී ලංකාවට ලුණු ආනයනය කර තිබේද;
(ii) එසේ නම්, ලුණු ආනයනය කරන ලද අවස්ථා සංඛ්‍යාව සහ එම එක් එක් අවස්ථාවේදී ආනයනය කරන ලද ලුණු ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) ලුණු ආනයනය කිරීමට හේතු කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-09-25
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks