E   |     |  

 දිනය: 2025-03-01   පිළිතුර ලබා දී ඇත 

0380/ 2025 - ගරු රෝහිත අබේගුණවර්ධන මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 380/2025

      ගරු රෝහිත අබේගුණවර්ධන මහතා,— ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      ශ්‍රී ලංකාවේ ඇති ධීවර වරාය සංඛ්‍යාව කොපමණද;

                   (ii)      එම ධීවර වරාය සංවර්ධනය කිරීම සඳහා ගනු ලබන පියවර කවරේද;

                 (iii)      ශ්‍රී ලංකාවේ ඇති බහුදින ධීවර යාත්‍රා සංඛ්‍යාව, මේ වනවිට ධීවර කටයුතුවල නිරත වන බහුදින ධීවර යාත්‍රා සංඛ්‍යාව සහ මේ වනවිට ධීවර කටයුතුවල නිරත නොවන බහුදින ධීවර යාත්‍රා සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iv) ශ්‍රී ලංකාවේ ඇති එක්දින ධීවර යාත්‍රා සංඛ්‍යාව, මේ වනවිට ධීවර කටයුතුවල නිරත වන එක්දින ධීවර යාත්‍රා සංඛ්‍යාව සහ මේ වනවිට ධීවර කටයුතුවල නිරත නොවන එක්දින ධීවර යාත්‍රා සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

         (v) ධීවර කර්මාන්තය දියුණු කිරීම සඳහා මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2025-03-01

අසන ලද්දේ

ගරු රෝහිත අබේගුණවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර, ජලජ සහ සාගර සම්පත්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks