පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
390/2025
ගරු චාමර සම්පත් දසනායක මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) 2015 වර්ෂයේදී ස්ථාපිත කරන ලද දූෂණ විරෝධී කමිටු කාර්යාලය එවකට අග්‍රාමාත්‍ය කාර්යාලය යටතේ ස්ථාපිත කරනු ලැබුවේද;
(ii) එම කමිටුව ස්ථාපිත කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය සහ අමාත්‍ය මණ්ඩල තීරණය ඉදිරිපත් කරන්නේද;
(iii) එම කමිටුවේ සිටි සාමාජිකයන් සංඛ්‍යාව කොපමණද;
(iv) ඔවුන්ගේ නම් සහ ලිපිනයන් වෙන් වෙන් වශයෙන් කවරේද;
(v) දූෂණ විරෝධී කමිටු කාර්යාලය වසා දමන අවස්ථාව වනවිට එම කාර්යාලය වෙත ලැබී තිබූ පැමිණිලි සංඛ්‍යාව කොපමණද;
(vi) පවරා තිබූ නඩු සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) එම දූෂණ විරෝධී කමිටුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරන ලද පුද්ගලයාගේ නම සහ ලිපිනය කවරේද;
(ii) ඔහු අනවසරයෙන් වාහනයක් ධාවනය කර එය අනතුරකට පත් කර ඇති බව දන්නේද;
යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-03-06
අසන ලද්දේ
ගරු චාමර සම්පත් දසනායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍ය කාර්යාලය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks