පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1008/2025
ගරු රජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතා,— මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සමාජ මාධ්‍ය වේදිකා හරහා වැරදි තොරතුරු සහ වෛරී කතා, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ වාර්ගික කලබල හෝ කෝලාහල ඇති කරන අන්තර්ගතයන් බෙදා හැරීම නිරීක්ෂණය කිරීමට සහ පාලනය කිරීමට ගෙන ඇති පියවර කවරේද;
(ii) එවැනි හානිකර අන්තර්ගතයන් බෙදා හැරීම වැළැක්වීම සඳහා සමාජ මාධ්‍ය සමාගම්, විදුලි සංදේශ සේවා සපයන්නන් සහ අනෙකුත් අදාළ පාර්ශ්වකරුවන් සමඟ සම්බන්ධවී කටයුතු කිරීමට පියවර ගෙන තිබේද;
(iii) එසේ නම්, එලෙස ගෙන ඇති පියවරවල ස්වභාවය කවරේද;
(iv) එම පියවර ක්‍රියාත්මක කිරීම මඟින් අත්කර ගෙන ඇති ප්‍රගතිය කවරේද;
(v) මාර්ගගතව වෛරී කතා පැතිරවීම, වාර්ගික උසිගැන්වීම් සිදු කිරීම හෝ කලහකාරී ක්‍රියා සංවිධානය කිරීම අධීක්ෂණය කිරීම සඳහාම වෙන්වූ අධීක්ෂණ ඒකකයක් හෝ අන්තර්-ආයතන කාර්ය සාධක බලකායක් ස්ථාපනය කර තිබේද;
(vi) වෛරී කතා සම්බන්ධයෙන් වගවීම සහතික කිරීම සඳහා ක්‍රියාත්මකව ඇති යාන්ත්‍රණ කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-09-26
අසන ලද්දේ
ගරු රජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks