E   |     |  

 පිළිතුර ලබා දී ඇත 

1010/ 2025 - ගරු රජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1010/2025

      ගරු රජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතා,— මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      2020 වර්ෂයේ සිට මේ දක්වා සෑම වර්ෂයකදීම ශ්‍රී ලංකා පොලීසිය වෙත වාර්තාවී ඇති සමූහ ප්‍රචණ්ඩ ක්‍රියා හෝ කල්ලි විසින් නීතිවිරෝධී ලෙස මරණ දඬුවමට ලක් කිරීම් සංඛ්‍යාව සහ දණ්ඩ නීති සංග්‍රහය හෝ ත්‍රස්තවාදය වැළැක්වීමේ හෝ මහජන ආරක්ෂාව සම්බන්ධ නීති යටතේ පවරා ඇති නඩු සංඛ්‍යාව, එක් එක් පළාත් අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

              (ii) ශ්‍රී ලංකා පොලීසිය සහ පළාත් පරිපාලනය වෙත නිකුත් කරන ලද කවර හෝ නියෝගද ඇතුළුව, සියලුම පළාත් තුළ සමූහ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ නීති සහ නීතිමය ක්‍රියා පටිපාටි ඒකාකාර ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා ගෙන ඇති පියවර කවරේද;

        (iii) අමාත්‍යාංශය විසින් සමූහ ප්‍රචණ්ඩ ක්‍රියා ඇති විය හැකි කිසියම් අධි අවදානම් දිස්ත්‍රික්ක හෝ ප්‍රදේශ හඳුනාගෙන තිබේද;

         (iv) එසේ නම්, එවැනි දිස්ත්‍රික්කවල/ප්‍රදේශවල අනාගතයේදී සමූහ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීම සඳහා කර ඇති මැදිහත්වීම් කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම් ඒ මන්ද?

       

අසන ලද දිනය

2025-11-08

අසන ලද්දේ

ගරු රජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

2020 සිට සිදුවන සමූහ ප්‍රචණ්ඩ ක්‍රියා: විස්තර

පිළිතුරු දුන් දිනය

2025-11-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ආනන්ද විජේපාල, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks