පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1100/2025
ගරු (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) අතිදුෂ්කර පාසැල්වල දීර්ඝ කාලයක සිට විදුහල්පතිවරුන් ලෙස සේවය කළ/සේවය කරන විදුහල්පතිවරුන් 2012.08.08 දිනැති අංක අමප/12/1101/530/035 දරන අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව අධිසේවක පදනම මත ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 2(ii) ශ්‍රේණියේ හා 3 ශ්‍රේණියේ විදුහල්පතිවරුන් ලෙස පත් කළ බවත්;
(ii) 2021.11.23 දිනැති අංක අමප/21/1824/308/139 දරන අමාත්‍ය මණ්ඩල තීරණය සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාගේ 2022.06.02 දිනැති අංක PSC / EST / 02 -05 / 01 / 2020 දරන ලිපිය ප්‍රකාරව ඔවුන්ගේ පත්වීම් ස්ථිර කළ බවත්;
එතුමිය දන්නෙහිද?
(ආ) (i) පාසැල් වර්ගීකරණය අනුව අනෙකුත් පාසැල්වල විදුහල්පතිවරුන්ට ගෙවනු ලබන පරිපාලන දීමනාව ඉහත (අ)හි සඳහන් විදුහල්පතිවරුන්ටද 2018 මාර්තු දක්වා ගෙවූ නමුත්, මේ වනවිට එය නොගෙවන බව දන්නේද;
(ii) ඊට හේතු කවරේද;
(iii) විදුහල්පති පුරප්පාඩු සඳහා පත්වීමට සහ අනෙකුත් විදුහල්පතිවරුන් සමඟ සුහද මාරු සඳහා කරනු ලබන ඉල්ලීම් මේ වනවිට ප්‍රතික්ෂේප කරන බව දන්නේද;
(iv) ඊට හේතු කවරේද;
(v) අභ්‍යන්තර හා අන්තර් කලාප ස්ථාන මාරුවීම් සහ උසස්වීම් ඉහත (අ)හි සඳහන් විදුහල්පතිවරුන්ට ලබා දෙන්නේද;
(vi) නොඑසේ නම්, ඊට හේතු කවරේද;
යන්න එතුමිය සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-09-23
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks