E   |     |  

 දිනය: 2025-09-23   පිළිතුර ලබා දී ඇත 

1104/ 2025 - ගරු සුරංග රත්නායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1104/2025

      ගරු සුරංග රත්නායක මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       වර්ෂ 2023, 2024 සහ 2025 වර්ෂයේ පළමු කාර්තුව තුළ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද බඩඉරිඟු ප්‍රමාණය සහ ආනයනය කරන ලද බඩඉරිඟු ප්‍රමාණය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් මෙට්‍රික් ටොන්වලින් කොපමණද;

      (ii) ශ්‍රී ලංකාවේ බඩඉරිඟු නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා මේ වනවිට සකස් කර ඇති වැඩපිළිවෙළ කවරේද;

      (iii) ශ්‍රී ලංකාවේ බඩඉරිඟු අස්වැන්න නෙළන කාලවලදී ගොවියාට සාධාරණ මිලක් ලබා දීමට හැකියාවක් තිබේද;

      (iv) බඩඉරිඟු මිල උච්ඡාවචනය වීම පාලනය කිරීම සඳහා සකස් කර ඇති වැඩපිළිවෙළ කවරේද;

      ‍යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2025-09-23

අසන ලද්දේ

ගරු සුරංග රත්නායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks